කොළඹට ඇතුලුවන වාහනවලින් ගාස්තුවක් ???

2019-12-10 at 12:25

කොළඹ නගරයට ඇතුලුවන වාහනවලින් ගාස්තුවක් අය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසනවා.

නිව්ස් රේඩියෝ කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී ගාස්තු අය කෙරෙන හා සමාන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි.

කෙසේවෙතත් කොපමණ ගාස්තුවක් අය කරන්නේද යන්න ඇතුලු කරුණු කිහිපයක් තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි අදාළ ප්‍රකාශකයා කියාසිටියේ.

අනවශ්‍ය ලෙස කොළඹ නගරයට ඇතුලුවන රථවාහන සංඛ්‍යාව පාලනය මෙහි ප්‍රධාන අරමුණ වී තිඛෙනවා.

එමගින් රථවාහන තදබදය මෙන්ම වායු දූෂණය අවම කරගැනීමටද අපේක්ෂා කෙරෙන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය සඳහන් කලා.

වාහන වර්ගීකරණයක් යටතේ මෙම ගාස්තු ක්‍රමය හඳුන්වාදීමට යෝජිත බවයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී අනාවරණය වූයේ.