කොළඹ වරායේ වැඩ වර්ජනය අවසන්

2020-08-02 at 13:37

දින 3ක් පුරා කොළඹ වරායේ සියලු මෙහෙයුම් නතර කරමින් වරාය සේවකයන් ගෙනගිය අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිඛෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට හෝ සමාගමකට බදු දීමකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පමණක් සිදුකරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රීයාමාර්ගයේ නිරත වුණේ.

කෙසේ වෙතත් අද උදාසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡා සුබවාදී බැවින් අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ සංවිධානයේ සාමාජික ප්‍රසන්න කලුතරගේ මහතා නිවුස් රෙර්ඩියෝවට කියා සිටියේ.