COVID තොරතුරු සහ උපදෙස් එකම මධ්‍යස්ථානයකින් නිකුත් කරන්න – GMOA

2021-02-23 at 17:01

මෙරටතුළ කෝවිඩ් 19 වසංගත තත්වයට අදාල සියලු තොරතුරු සහ උපදෙස් එකම මධ්‍යස්ථානයකින් ජනතාව වෙත නිකුත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙස රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේවන විට එවැනි ක්‍රියාවලියක් නොමැතිවීම හමුවේ මහජනතාව විවිධ අපහසුතාවන්ට පත්ව සිටින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කියා සිටියේ.

කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙලට අදාල මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී ප්‍රමාදයක් පවතින බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පෙන්වා දුන්නා.