ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

November 9, 2018

බස්නාහිර / දකුණ / සබරගමුව / මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලටද විටින් විට වැසි ඇතිවිය හැකියි.

දිවයිනට නිරිත දිගින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් උතුරු / උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩුුවීමක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිඛෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ එමගින් මාර්ග කිහිපයක රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බවයි.