ගාලු මුවදොරදී රුසියානු තරුණියකට හිංසා කිරීමේ 05 දෙනා යළි රිමාන්ඞ් – 03 ක් හඳුනා ගැනේ

2020-07-13 at 17:01

GALLE FACE RUSSIAN ASSAULT

ගාලු මුවදොර පිටියේදී රුසියානු ජාතික තරුණියකට හිංසා කිරීමේ සිද්ධියේ සැකකරුවන් 05 දෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් අතුරින් 03 දෙනෙකු හඳුනා ගැනීමට රුසියානු තරුණියගේ පෙම්වතා සමත් වී තිබෙනවා.

තරුණිය සමත් වී ඇත්තේ ඉන් එක් අයෙකු හඳුනා ගැනීමට පමණයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.