ගෝඨාභයට කිසි දිනක දිනන්න බෑ

2019-08-13 at 10:30

ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් වූවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට කිසිම විසදුමක් නොලැබෙන නිසා ඔහුට දෙමළ ජනතාවගේ සහය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරණ බව  වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා පැවසීය.

වවුනියාවේදී මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කවර සහෝදරයෙකු පැමිණියත් ඔවුන් සියලුම දෙනා සිංහල බෞද්ධ  ජාතිවාදී පසුබිමක් මත කටයුතු කරණ බවයි.

දෙමළ ජනතාවගේ හා මුස්ලිම් ජනතාවගේ ඡන්දයකින් තොරව මේ රටේ කිසිම අයෙකුට ජනාධිපතිවරයා වීමට හැකියාවක් නොමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි දිනක මේ රටේ ජනාධිපතිවරයා විය නොහැකි බවද ඔහු මෙහිදී සදහන් කළේය.