ඝාතන රැසක සැකකරුවන් 2 ක් මත්කුඩු කිලෝ 22 ක් හා ගිනි අවි 4 ක් සමග STF දැලේ

2019-03-15 at 17:39

මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හොරොයින් කිලෝ 16ක් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ 22 ක් සමග වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය අද පස්වරුවේ සිදුකල මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සතුව තිබී රිවෝල්වර වර්ගයේ ගිණිඅවි 4ක්ද සොයාගෙන තිඛෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මීට මාස කිහිපයකට ඉහතදී වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ මනුශ්‍ය ඝාතනයක් සහ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකටද සම්බන්ධ බවට හදුනාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේ.

අදාල ඝාතන සදහා පැමිණී මෝටර් රථයද සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිඛෙනවා. අද අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා කෙනඩි නොහොත් බූමා නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සහායකයින් බවටයි හදුනාගෙන ඇත්තේ.

දික්වැල්ල සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 30සහ 24 වයස්වල පසුවන බවයි පොලිසිය සදහන් කළේ.

Please follow and like us: