චෙන්නායි සුපර් කිංග්ස් සමස්ත කණ්ඩායම නිරෝධායනයට

2021-05-04 at 12:06

පන්දු යැවීමේ පුහුණුකරු එල් බාලාජි ඇතුලු දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමග අයි පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සමස්ත කණ්ඩායම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මේ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය කල් දමා ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කලේ.

මේ අනුව කොවිඩ් අවධානම හමුවේ අයි පී එල් තරගාවලියේ තරග 02 ක් මේ වනවිට කල් දමා තිබෙනවා.

ඊයේ පැවැත්වීමට නියමිතවූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම් අතර තරගයද කල් දමනු ලැබුවේ කණ්ඩායමේ දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට පත්වීම හේතුවෙනුයි.