ජනපතිගේ තීරණයක් අධිකරණයේදී අභියෝගයට

2019-03-16 at 07:31

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කිරීමේ තීරණය වළක්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිඛෙනවා.

ජනාධිපති නීතීඥ ලාල් විජේනායක මහතා ඇතුලු නීතීඥවරුන් 4 දෙනෙකු එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර ඇති බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කථානායකවරයා ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් / නීතිපතිවරයා / ජනාධිපති ලේකම්වරයා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිඛෙනවා.

ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයට වැඩබලන විනිසුරුවරයෙකු පත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී වගන්තිය උල්ලංඝණය වී ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එබැවින් තම මූලික පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තෙක් දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කිරීම වළක්වන අතුරු තහනමක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිඛෙනවා.