ජනපති ගෝඨාභයගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව කොරෝනාට එරෙහි සාර්ථක සටනක – මෝදි

2020-05-23 at 15:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කාර්යක්ෂම ලෙස කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

මෙම වසංගතයට එරෙහිව මෙන්ම එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ඉන්දියාව අඛණ්ඩ ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවයි මෝදි මහතා කියාසිටියේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර මීට අදාළව සංවාදයක් පවත්වා තිබෙනවා.

ඒ පිළිබඳ ට්විටර් සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දීය සහය හිමිවන ව්‍යාපෘති වේගවත් කිරිමට දෙපාර්ශවයම එකග වු බවයි.

එමෙන්ම ආයෝජන සබඳතා ශක්තිමත් කරගැනීමටද අදහස් පළවූ බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.