ජනාධිපති අපේක්ෂකයින් 33 කට ඇපත් නෑ

2019-11-19 at 14:47

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ලේකම් එච් එම් ටී ඩී හේරත් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ජනාධිපතිවරණයේදී සියයට 12 යි දසම 5 ට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සියලු අපේක්ෂකයින්ගේ ඇප මුදල් මෙලෙස රාජසන්තක වන බවයි.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අතරින් අපේක්ෂකයින් දෙදෙනෙකු පමණයි සියයට 12 යි දසම 5 ට වැඩි ඡන්ද ප්‍රථිශතයක් ලබා ගැනිමට සමත් වුණේ.

පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 20 දෙනෙකු සහ ස්වාධීන අපේක්ෂයින් 15 දෙනෙකු තරග වැදුනා.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වු අපේක්ෂයෙකු රුපියල් පනස්දහසක් ද ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් හැත්තෑපන්දහසක් ද ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කර තිබුණා.