“ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පොදු ලියවිල්ලක් කරනවා”

2021-02-23 at 18:01

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු එය පොදු ලියවිල්ලක් බවට පත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඊට අදාල කටයුතු මේ දිනවල සම්පාදනය කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

නිළ සංචාරයක් සදහා පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවිමට රිෂාඩ් බදියුදින් හා රවුෆ් හකිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දි තිබු අවසරය අවලංගු කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් මෙහිදි විමසිමක් කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා.