ජපාන නැවේ සිටි අමෙරිකානුවන් 400 ක් ඉවත් කර ගනී

2020-02-17 at 06:20

නව කොරොනා හෙවත් කොවිඞ්-19 වෛරස්අවධානම හමුවේ ජපානයේ යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් 400 දෙනෙකු ඉවත් කරගෙන තිබෙනවා.

විශේෂ ගුවන් යානා 2 ක් මගින් ඔවුන් ටෝකියෝ නුවර හනෙදා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අමෙරිකාව බලා පිටත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කලා.

මෙම නෞකාවේ සිටින අමෙරිකානුවන් 40 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති අතර ඔවුන් ජපානයේ රඳවා තබා ගනිමින් ප්‍රතිකාර කෙරෙනු ඇති.

ඔවුන්ද ඇතුලු 355 දෙනෙකුට කොවිඞ්-19 වෛරසය මේ වනවිට වැළඳී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ නව කොරෝනා වෛරසය වැළඳීමෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 100 ක්.

ඒ අනුව මේ වනවිට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 1770 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටවල් 30 කින් වාර්තාවන සමස්ත ආසාධිතයන් ගණන 71200 කට අධිකයි.


fringilla vel, justo consequat. Aliquam elit. risus. luctus id,