ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර තරඟය මැයි 04

2021-04-07 at 18:43

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන මස 4 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙන බවයි.

එම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.