ට්‍රම්ප් අමෙරිකාවේ Tik-Tok තහනම් කරයි

2020-08-01 at 09:43

සුප්‍රකට ටික් ටොක් ජංගම දුරකථන ඇප්ලිකේෂනය අමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

චීන සමාගමකට අයත් මෙම ඇප්ලිකේෂනයේ හිමිකාරීත්වය අමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලබාගැනීමට දැරූ උත්සාහයද මේ අනුව ප්‍රතික්ෂේප වනු ඇති.

ටික්-ටොක් ඇප්ලිකේෂනය හරහා පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත අනවසරයෙන් චීන රජයට ලබාගන්නා බවට චෝදනා කරමිනුයි ජනාධිපති ට්‍රම්ප් මෙම විධායක නියෝගය පණවා ඇත්තේ.

කෙසේවෙතත් මෙය සැළකෙන්නේ චීන – අමෙරිකා මතභේද නැවත වරක් උත්සන්න වු අවස්ථාවක් ලෙසටයි.

මීට සති කිහිපයකට පෙර ඉන්දියාව විසින්ද ටික් – ටොක් ඇප්ලිකේෂනය තහනම් කරනු ලැබුවේ දේශසීමා ගැටුම් උග්‍රවීමත් සමගයි.