ඩයමන්ඞ් කපිතාන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස නීතිපති CID අධ්‍යක්ෂට දන්වයි

2020-09-16 at 18:46

එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන් වන ග්‍රීක ජාතිකයාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඔහුට එරෙහිව නොතීසි ලබාගැනීමට පියවර ගන්නා ලෙසටද නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ.