ඩුබායි සිට ලාංකිකයන් 193 ක් කටුනායකට

2020-06-30 at 18:37

SRI LANKAN AIR PORT
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට 6/30 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් , එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වේ.
ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම  විශේෂ ගුවන් යානය  6/30 දින රාත්‍රී 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.