ඩෙන්මාර්කයේ කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ 03 දෙනෙක් ශ්‍රි ලංකාවෙන් හමුවේ

2021-04-08 at 17:11

ඩෙන්මාර්කයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනයවූ කිහිපදෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව එංගලන්තයට ආවේණික නව කොරෝනා ප්‍රභේධයක් ආසාදනයවූ අයෙක්ද හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

පසුගිය මාසයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් ලබා ගත් සාම්පල පරික්ෂාවන්ට අනුව මෙම නව ප්‍රබේධ හඳුනාගෙන ඇති බවද චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා ප්‍රභේදය විකෘතීන් හඳුනාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකෙරෙන බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මෙහිදී කියා සිටියා.