තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ජූලි 31 තෙක් නැවත වසා තැබීමට නියෝග

2020-06-30 at 12:26

කොරෝනා ආසාධිතයන් හමුවීම නැවත ඉහළ යාමත් සමග තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සඳහා ලබන ජූලි 31 වනදා තෙක් නැවත වසා තැබීමට ඉන්දීය බළධාරීන් නියෝග කර තිබෙනවා.

බටහිර බෙංගාලය / ජර්කාන්ඞ් / නාගලන්තය සහ ඇසෑම් ප්‍රාන්තද මේ වනවිට වසා දමා පවතිනවා.

මේ අතර අද සිට සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමට ඔස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයන් ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා.

ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙනුයි.