තවත් අසාධිතයින් 127 ක් සුවය ලබයි

2021-04-08 at 16:10

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 127 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 91 දහස් 44 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2358 ක්.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 221 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 93 දහස් 993 ක් බවට පත්වනවා.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 363 ක්.

දැනට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 591 ක්.