තව අවුරුදු 02 ක් මේ ආණ්ඩුවම තිබුණොත් ලංකාව සූඩානයක් වෙනවා

2020-07-13 at 19:02

තවත් වසර දෙකක් රටේ පාලනය වත්මන් ලෙසම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව සුඩානය මෙන් අන්ත දිළිදු භාවයකට පත්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්තරී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

සමගි වනිතා බලවේගය එලි දැක්විමේ අවස්ථාවට අද කොළඹ නෙලුම් පොකුණ රගහලේදි එක්වෙමින් ඇය කියා සිටියේ භාණ්ඩ මිළ ගණන් අධික ලෙස ඉහල ගොස් ඇති බවයි.