තෙල් මිල අඩු නොකරන්නේ ඡන්දය කිට්ටු කරලා අඩු කරන්නයි

2020-02-15 at 13:15

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ පහළයාමත් සමග ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 14 ක් අඩුවෙන් ජනතාවට ලබාදිය හැකි බව ඛණිජතෙල් වෘත්තීය සමිති පවසනවා.

එහෙත් අයුතු ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් රජය එම සහනය ජනතාවට නොදෙන බවයි ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ අඩුවී ඇති බවත් අඛණ්ඩව එම තත්වය පැවතුණහොත් ඉදිරියේදී ජනතාවට සහන මිළට ඉන්ධන දිය හැකි බවත් බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කලා.

කෙසේවෙතත් රජයට අවශ්‍යනම් අද වුවද තෙල් මිළ ගණන් අඩුකල හැකි බවයි ආනන්ද පාලිත මහතා සඳහන් කලේ.

රජය ඉන්ධන මිළ අඩු නොකර සිටිනුයේ මැතිවරණය ඉලක්ක කර මිළ පහත දැමීමකට බවද ඛණිජතෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කලා.


sem, ut Sed venenatis felis leo facilisis ut tristique libero venenatis,