දංකොටුවෙන් ඇල්ලූ පොල්තෙල් තොගයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වෙයි

2021-04-08 at 16:08

දංකොටුව ප්‍රදේශයේදී පසුගියදා පොලිසිය භාරයට ගත් බවුසර් දෙකෙහි තිබූ පිරිපහදු නොකල තෙල් තොගයෙහි ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය අඩංගු බවට තහවුර විී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත යැවූ සාම්පල පරික්ෂා කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවයි.