දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට යළි විවෘතයි

2021-05-04 at 16:16

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳාම් කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍ය්සථානය හෙට සිට මෙලෙස විවෘත කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරුනේ පසුගිය මස 26 වනදායි.