දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි ඇරේ

2021-05-05 at 06:04

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 05 සිට යළි විවෘත කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් අදියර කිහිපයක් යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට මාතලේ දිස්ත්‍රීක් කොවිඩ් මර්දන කමිටුව තීරණය කළ අතර ඒ අනුව අද සහ හෙට දෙදින තුළ අස්වනු රැගෙන ආර්ථික මධ්‍යස්ථානය වෙත ඇතුලවිීමට අවසර දී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණයි.

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරුනේ පසුගිය මස 26 වනදායි.