දිමුත්ට උසස්වීමක්

2021-05-06 at 14:33

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ නවතම වර්ගීකරණ ලැයිස්තුවේ 11 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා.

ඔහු මීට පෙර මෙම ලැයිස්තුවේ 15 වන ස්ථානයේ පසුවූ අතර පසුගියදා අවසන් වූ බංගලාදේශයට එරෙහි තරගාවලියේදී දැක්වූ දස්කම් හමුවේයි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පියවර 4ක් ඉදිරියට පැමිණීමට හැකිවී ඇත්තේ.

ජාත්‍යන්තර ටෙස්ට් පිකරුවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

ශ්‍රී ලංකා කන්ඩායමේ පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 31 වන ස්ථානයේත් / ඕෂධ ප්‍රනාන්දු 58 වන ස්ථානයේත් ළහිරු තිරිමාන්න 60 වන ස්ථානයේත් පසුවනවා.

මේ අතර පසුගියදා බංගලාදේශයට එරෙහි තරගාවලියේදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ ප්‍රවීන් ජයවික්‍රම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ වර්ගීකරණ ලැයිස්තුවේ 48 වන ස්ථානයට පත්ව තිබෙනවා.