ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

2020-09-29 at 08:57

බස්නාහිර / සබරගමුව / හා මධ්‍යම පළාත්වලත් / ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවලට අද දින මිලිමීටර් 75 ක පමණ තද වැසි වරින් වර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඌව පළාතෙත් / මඩකලපුව / හා අම්පාර දිස්ත්‍රික්වලත් පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

 උතුරු / උතුරු මැද හා වයඹ පළාත්වලත් / ත්‍රිකුණාමලය හා වයඹ පළාත්වලත් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වරින් වර හමන පැයට කිලෝමිටර් 40- 50 දක්වා තද සුළං ඇතිවිය හැකියි.