දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 100 ට වැඩි තද වැසි

2021-05-03 at 07:03

දිවයිනේ ප්‍රදේශ කිහිපයකයකටම අද දිනයේ මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමුව / මධ්‍යම / බස්නාහිර සහ වයඹ පළාත් පොලොන්නරුව / ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇති විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි සමග ඇති විය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.