දේශපාලන පළිගැනීම් පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක්

2019-12-11 at 05:16

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ පැමිණිලි විභාග කර යුක්තිය ඉටුකිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිඛෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.