ද.අප්‍රිකාවට එරෙහි T20 සංචිතය මෙන්න

2019-03-14 at 17:41

දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම්කර තිඛෙනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් එහි උපනායකත්වය නිරෝෂන් දික්වැල්ල විසින් මෙහෙයවනු ඇති.

අවිශ්ක ප්‍රනාන්දු / සධීර සමරවික්‍රම / කුසල් මෙන්ඩිස් / ඇන්ජලෝ පෙරේරා / ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත්.

ප්‍රියමාල් පෙරේරා / තිසර පෙරේරා / සුරංග ලක්මාල් / ඉසුරු උදාන / අසිත ප්‍රනාන්දු / අකිල ධනංජය / ජෙෆ්රි වැන්ඩර්සේ සහ ලක්ෂාන් සඳකැන් අනෙකුත් ක්‍රීඩකයන් වනවා.

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය ලබන 19 වනදා කේප්ටවුන් හිදී පැවැත්වෙනවා.