ධර්මසිරි පෙරේරා එවන ලද කෝටි 49 න් 13 කෝටියක මුදලක් බැරවූ ගිණුමක හිමිකරුවෙකු CID අත්අඩංගුවට

2021-04-08 at 08:02

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරා විසින් ශ්‍රී ලංකාවට එවන ලද රුපියල් කෝටි 49 කට අධික මුදලින් 13 කෝටි 60 ලක්ෂයක මුදලක් බැරවූ ගිණුමක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.