නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ “ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන්” එයි – ළකුණ පොහොට්ටුව

2020-02-17 at 16:33

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ඇත.

ලේකම්වරයා ලෙස  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ජාතික සංවිධායකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ යන මහත්වරු පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා නව සන්ධානයෙන් තරග වැදීමට නියමිත ඇත.

පක්ෂ දෙකෙහිම සාමාජිකයින් අද මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ  කොමසාරිස්ට දැනුම් දී ඇත.

නව සන්ධානයේ සෙසු නිලතලයන් වන්නේ :

පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර
පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල
පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර


justo leo venenatis, quis, libero vel, consectetur id risus. id