නිරෝධායනය අවසන් කල තවත් 259 දෙනෙකු අද පිටත්ව යයි

2020-05-24 at 09:13

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කල තවත් 259 දෙනෙකු අද දිනයේදී පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියාසිටියේ මේ වනවිට 10 දහස් 362 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බවයි.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 4886 ක්.