නිරෝධායන රීති උල්ලංඝණය : පසුගිය පැය 24 දීත් 173 දෙනෙකු අත්අඩංගුවට

2021-05-05 at 07:13

නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 දීත් පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30වනදා සිට මේ දක්වා නිරෝධායන රීතින් උල්ලංඝණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 5248 ක්.

මුහුනු ආවරණ නොපළඳින තැනැත්තන්ට අමතරව මුහුණු ආවරණ නිසිලෙස භාවිත නොකරන තැනැත්තන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.