නිරෝධායන රීති කැඩූ තවත් 1038ක් පොලිස් අත්අඩංගුවට

2021-06-11 at 07:02

නිරෝධායන රීති උල්ලංඝණය කරමින් සංචරණ සීමා කඩකළ පුද්ගලයින් 1038 දෙනෙකු ඊයේ දිනයේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුලූ සංඛ්‍යාව 29015 ක්.

මේ ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම් සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.