පකිස්ථාන ගුවන් අනතුර : 92 ක් මරුට / කලු පෙට්ටිය සොයා මෙහෙයුම්

2020-05-23 at 07:05

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 92 දෙනෙකු මියගොස් ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා.

මගීන් දෙදෙනකු දිවිබේරා ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කල මෙම යානය ඊයේ පස්වරුවේ කඩා වැටුණේ ගොඩබැස්වීමට විනාඩියක් තිබියදීයි.

ඒ වනවිට එහි මගීන් 91 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනකු ගමන් කරමින් සිටියා.

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළිවී නැතත් කාර්මික දෝෂයක් ඊට හේතුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

යානය ගොඩබැස්වීමට විනාඩි කිහිපයකට පෙර නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දැනුම් දී තිබුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන බවටද පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහතික වී තිබෙනවා.

කලු පෙට්ටිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.