පළමු ටෙස්ට් තරගයට බංගලාදේශයෙන් හොද ආරම්භයක්

2021-04-21 at 17:48

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට බංගලාදේශ කණ්ඩායම සමත්වුනා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශය පළමු දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවි ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 302 ක්.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ලකුණු 126 ක්ද නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ලබා ගනිමින් නොදැවි කඩුල්ලේ රැදි සිටිනවා. තමීම් ඉක්බාල් ලකුණු 90 කට දැවි ගියා.

සයිෆ් හසන් කිසිදු ලකුණක් රැස් කළේ නැහැ. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 යි.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි. හෙට තරගයේ දෙවන දිනයයි.