පළමු විවාදයෙන් ජෝ බයිඞ්න්ට ජය

2020-09-30 at 09:59

අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති පළමු රූපවාහිනී විවාදයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් මහතා ජයගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එක් සමීක්ෂණයකට අනුව ජෝ බයිඞ්න් මහතා පෙරමුනේ සිටි බවට සියයට 48 ක් මත පළ කර තිබුණා.

ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට එහිදී හිමිවී තිබුණේ සියයට 41 ක් කැමැත්තක් පමණයි.

දෙදෙනා අතර සම තත්වයේ සටනක් පැවති බව සියයට 10 ක් සිය මතය ප්‍රකාශ කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කලා.

විනාඩි 90 කට ආසන්න කාලයක් පැවති මෙම විවාදයේදී කොවිඞ් තත්වය / විරැකියාව / ආර්ථිකය මෙන්ම පුද්ගලික කරුණු සම්බන්දයෙන්ද දෙදෙනා අතර උණුසුම් වාද විවාද පැවැත්වුණා.

එමෙන්ම අවස්ථා කිහිපයකදී ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ විවාදය මෙහෙයවන්නා අතරද සංවාදාත්මක තත්වයනක් හටගැනීම විශේෂත්වයක්.

අමෙරිකා ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින 34 ක් පමණයි.