පළිගැනීම් කොමිසමට එරෙහිව අනුරගෙන් හා ශානිගෙන් රිට් පෙත්සම් 02 ක්

2020-07-13 at 15:05

තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම විසින් නිකුත් කර ඇති නොතීසි බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණය හමුවේ වෙන වෙනම රිට් පෙත්සම් ගොණු කර තිබෙනවා.

ලබන 16 වනදා අනුර දිසානායක මහතාටද / 17 වනදා ශානි අබේසේකර මහතාටද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කෙරුණේ ඇවන්ට්ගාඞ් සභාපති නිශ්ෂංක සේනාධිපති මහතා විසින් ගොණු කර ඇති පැමිණිල්ලට අදාළවයි.

එහෙත් අද ගොණු කෙරුණු රිට් පෙත්සම්වල දැක්වෙන්නේ මෙම වසරේ ජනවාරි 09 වනදා පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වපසරියට යටත් වන්නේ පසුගිය රජය සමයේ රාජ්‍ය සේවකයන් මුහුණ පෑ දේශපාලන පළිගැනීම් පිළිඉඳ විමර්ශනය පමණක් බවයි.

එබැවින් නිශ්ශංක සේනාධිපති මහතා ඊට යටත් නොවන බැවින් ඔහු විසින් ගොණු කර ඇති පැමිණිල්ල විමර්ශනය වළක්වන අතුරු තහණම් නියෝගයක් නිකුත් කරන ලෙසටද අනුර කුමාර දිසානායක සහ ශානි අබේසේකර මහත්වරුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා.