ප්‍රදේශ රැසකට අද තද වැසි

2019-09-12 at 06:10

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර / සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

අනෙකුත් ප්‍රදේශවලද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රලු විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.