ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු සමග තද වැසි

2021-05-01 at 16:46

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 75 ඉක්මවූ තද වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව බස්නාහිර / දකුණ / ඌව / සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ප්‍රභල අකුණු සහිත වැසි ඇති විය හැකියි.

සමස්ථයක් ලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද දිනයේදී වැසි සහිත කාලගුණ තත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.