පානම සිට කිලෝමීටර් 28 ක් දකුණින් මුහුද අභ්‍යන්තරයේ භූ චලනයක්

2021-02-19 at 16:41

ශ්‍රී ලංකාවට අයත් නැගෙහිර මුහුදු සීමාවේ රික්ටර් මාපකයේ ඒකක 4ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් හටගෙන තිබෙනවා.

අම්පාර පානම ප්‍රදේශයට ආසන්න වෙරළට කිලෝමීටර 15ක් දුරින් මුහුද අභ්‍යන්තරයේ අද පෙරවරු 11 යි 14ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය නිවුස් රේඩියෝවට කියා සිටියේ.

මෙම භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බැවින් ජනතාව බියට පත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළා.

අද පෙරවරුවේ භූ චලනයක් සිදුව ඇති මෙම මුහුදු කළාපයේ මීට පෙරද සුලු භූ චලන තත්වයන් සිදුව ඇති අතර අවසන්වරට එවැනි භූ චලනයක් සිදුව ඇත්තේ 2009 වසරේදීයි.