පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොණු කරන ලෙස නිර්දේශ
2021-02-23 at 16:00

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කිරීමට ඇති හැකියාව නීතිපතිවරයා විසින් සළකා බැලිය යුතු බවට එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කල ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.
ඒ ප්‍රහාරය සිදුවීම වළක්වා ගැනීම සඳහා සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාවට අදාළවයි.
එමෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක බස්නාහිර පළාත භාරව කටයුතු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන අයට එරෙහිවද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පියවර ගත යුතු බවටයි කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ.
ආගමික අන්තවාදය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වාලීමට අවශ්‍ය පියවර නොගැනීම මෙම ප්‍රහාරය සිදුවීමට ප්‍රධානතම හේතුවක් ලෙසටයි කොමිසම දක්වා සිටින්නේ.
Presidential Commission report on Easter attack is finally given to the parliament library, These are the 10 conclusions pic.twitter.com/f9tSZxOWmh
— Harin Fernando (@fernandoharin) February 23, 2021
— Harin Fernando (@fernandoharin) February 23, 2021
