පාස්කු ප්‍රහාරයේ සැක 77ක් CID යේ – 25 ක් TIDයේ

2019-06-14 at 18:52

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන අතර තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන බවයි.

මේ අතර සෞදි අරාබියේ ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන අද අළුයම මෙරටට රැගෙන ආ සැකකරුවන් 5 දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සැකකරුවන් අතර සිටින මොහොමඩ් මිල්හාන් නමැත්තා වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට ද අනාවරණය වී ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.