පිලිප් කුමරුන් අභාවප්‍රාප්ත වෙයි

2021-04-09 at 17:01

බ්්‍රතාන්‍යයේ දෙවන එළිසබත් රැජිණගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුන් අභාවප්‍රාප්ත වීතිබෙනවා.

අද උදාසන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බවයි බකින්හැම් මාළිගය නිවේදනය කරන්නේ.

මියයන විට ඔහු 99 වන වියෙහි පසුවුනා.

එඩින්බර් හී ආදිපාදවරයාද වන පිලිප් කුමරුන් දරුවන් 4දෙනෙකුගේ පියෙක්.

සාමකාමී දිවි පෙවතක්ගෙවූ ඔහු මහජන සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණේ 2017 වසරේදීයි.

දෙවන එළිසබෙත් රැජිණ කිරුළ පැළඳීමට පෙර වසර 5කට පෙර එනම් 1947 වසරේදීයි පිලිප් කුමරුන් හා විවාහ වී තිබුණේ.