පිලිපීන භූ චලනයෙන් ලංකාවට බලපෑමක් නෑ

December 29, 2018

පිලිපීනයේ මින්දනාවෝ දිවයින ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය නිව්ස් රේඩියෝවට කියා සිටියේ කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.

අද පෙරවරුවේ පිලිපීනයේ මින්දනාවෝ දිවයින ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7 යි දසම 2 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබුණා.

ඒ අනුව එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා වන වපසරියේ පිහිටි සියලුම වෙරළාසන්න ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි පැසිෆික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත්තේ.

මෙම භූමි කම්පාව හමුවේ සිදුවූ අලාභය මෙතෙක් වාර්තා වී නැහැ.