පිළියන්දල සිද්ධිය ගැන වහා විමර්ශනයක් කරන්න : GMOA

2021-05-05 at 08:34

පිළියන්දල පොලිස් වසම හුදකලා කරන්නැයි සෞඛ්‍ය බළධාරීන් නියෝග කර තිබියදී ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙකු මැදිහත්වී එම නියෝගය සංශෝධනය කළ බවට එල්ලවන චෝදනාව පිළිබඳව වහා පරික්ෂණයක් කරන්නැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

වසංගත අවදානමකට රට මුහුණදී ඇති අවස්ථාවක සෞඛ්‍ය බළධාරින්ගේ නියෝගවලට දේශපාලනඥයන් අභියෝග කරන්නේනම් එය නරක පූර්වාදර්ශයක් බවට පත්වන බවයි සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ.