පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-04-08 at 12:25

අයුතු ජනරාශියක සාමාජිකයෙක් වීමේ චෝදනාවට අදාලව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි හා තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදාසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති අදාල විරෝධතාවය අතරතුර කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයකට විරෝධතාකරුවන් පහරදී අලාභ හානි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.