Update: පූජිත් – හේමසිරිට එරෙහි පෙත්සම් ලබන 25 තෙක් කල්යයි

2019-07-12 at 11:53

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොණු කර ඇති සියලුම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 වනදා තෙක් කල්දමා තිඛෙනවා.

ඒවා සළකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වූයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදියි.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 18 වන දිනද ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 23 වන දිනද ගොණු කරන ලෙසටයි මෙහිදී නියම කෙරුණේ. (Update 2)

————————————————————————————————————————————————————————–

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොණු කර ඇති සියලුම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ආරම්භ වී තිඛෙනවා.

ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදියි.

ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබද පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකිවීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සදහන් කරමිනුයි මෙම ඔවුන්ට එරෙහිව මෙම පෙත්සම් ගොණු කර ඇත්තේ.

එබැවින් ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලු හානි සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඔවුන් සිය පෙත්සම් මගින් ඉල්ලා සිටින්නේ.

පෙත්සම් සළකා බැලෙන සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි.

බුවනෙක අලුවිහාරේ / සිසිර ද ආබෘෘ / ප්‍රියන්ත ජයවර්ධන / ප්‍රසන්න ජයවර්ධන / එල් ටී බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයන් වනවා. (Update 1)

Please follow and like us: