පොට්ටු අම්මාන් ජීවතුන් අතර කියා කරුණා කියන්නේ බොරු – ෆොන්සේකා

December 7, 2018

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු වන පොට්ටු අම්මාන් විදෙස්ගතව ජීවතුන් අතර සිටින බවට කරුණා අම්මාන් සිදු කල බව කියන ප්‍රකාශය අසත්‍යයක් බව ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරනවා.

අරලිය ගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෆොන්සේකා මහතා අවධාරණය කලේ යුධ බිමේ පැවති අවසන් සටනේදී පොට්ටු අම්මාන් බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්තේ යැයි තහවුරු වී ඇති බවයි.

කරුණා අම්මාන් නිකුත් කල බව කියන ටිව්ටර් පණිවිඩයක් සම්බන්ධයෙන්ද සරත් ෆොන්සේකා මහතා මෙහිදී අදහස් පළ කළා.